කිතුනු

ශ්‍රී ලංකාවේ පැරණිතම කිතුනු සලකුණ අනුරාධපුර කුරුසිය

අප රටේ ධජ, බැනර, පදක්කම්, නිල ලකුණු යනාදිය ආදියේ සිට ම භාවිතයේ තිබුණු බව සටහන් වන්නේ ය. මේ අතර කතෝලික කොඩි ද කිහිපයක් වූ බව වාර්ථා වේ. මින් දෙකක් ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිදුන් ක්‍රි.ව. 1916 දී පළකළ “සිංහල ධජ සහ නිල ලාංඡන” නමැති ග්‍රන්ථයේ පෙන්නුම් කොට ඇත.  මින් එකක හිරු සඳු ලාංඡනයට අමතරව කුරුසිය, දිව්‍ය සත්ප්‍රසාද කුඩා බඳුනක් යන ලාංඡනද යොදා ඇත.  (ග්‍රන්ථයේ 57 වන රූපය)

දෙවන ධජයේ යොදා ඇත්තේ පාදමක් මත පිහිටුවා ඇති කුරුසියක් වටා මල් සහ තරුවලින් සරසා ඇති ලාංඡනයකි.  (58 වන රූපය) මෙම කොඩි මනම්පිටිය තමංකඩුව ග්‍රාමයේ වැවක් අද්දර පදිංචි සිටි ලංකාවේ මුහුදුබඩ ජීවත්වූ කතෝලික පිරිසකගේ කොඩි දෙකක් යැයි විශ්වාස කෙරේ. එහෙත් පසුව කරණ ලද පර්යේෂණ අනුව මෙය අනුරාධපුර, සීසිරිය ආදි ප්‍රදේශවල සිටි පිරිසක ගේ විය හැකි දැයි ප්‍රශ්න කෙරේ.

එමෙන්ම අද වන විට අප ලාංකීය කතෝලික කොඩිය ගැන සොයා බලන කළ එහි යොදා ඇති කුරුස ලාංඡනය ගැන යමක් සඳහන් කළ යුතුයි. මෙම කුරුස ලාංඡනය අති විශේෂයි. එය අනුරාධපුර නටබුන් අතරේ තිබී ක්‍රි.ව.1912 දී සොයා ගනු ලැබුවේ මුහන්දිරම් පී.ඩී.ඒ. වික්‍රමසූරිය මැතිඳුන් විසිනි. එවකට පූරාවිද්‍යා දේපාර්තමෙන්තුවේ ප්‍රධාන සැලසුම් ශිල්පියා වූ එතුමා එය එවකට පුරා විද්‍යා කොමසාරිස් ධුරය දැරු ඊ.ආර්. අයර්ටන් වෙත ඉදිරිපත් කළේ ය. එහිදි එය පෘතුගිසීන් ගේ කුරුසියක් විය හැකි යැයි ඔහු සැක කළේය.

එහෙත් එම තනතුරට පසුව පත්වූ ඒ.එම් හොකොට් මහතා මේ ගැන ගැඹුරු අධ්‍යයනයක යෙදී 1924  තමන් කළ පුරා විද්‍යා සමීක්ෂණයේ සටහන් කර ඇත්තේ මෙම කුරුස ලාංඡනය පඩි සහිත පාදමක් මත පිහිටි කනුවක කොටසක් බවයි. එහි මූලික ලක්ශන අනුව එය දේව්මැදුරක කුලුනක් විය හැකි බව ඔහු සදහන් කරයි. එසේ වුවද ඔහු සිතා සිටියේ මෙය පෘතුගාලයේ දෙව් මැදුරක කොටසක් බවයි.එහෙත් හොකාට්ගේ මතයත් සාවද්‍ය විය. මීට හෙතුන් කිහිපයකි, එනම්

පළමුව 17 වැනි සත වසරේ මුල් කාලය වන තුරුත් පෘතුගීසීන් හට අනුරාධපුරය සොයා ගත නොහැකිව තිබීමයි. තවද අනුරාධපුරය ගැන පළමුව සටහන් කැර ඇති යුරෝපීයය ක්‍රි.ව. 1610- 1629 දක්වා විසු ෆ්‍රැන්සිස්කාන නිකායට අයත් ගරු නෙග් රඕ නම්කතෝලික පියතුමෙකි. එහි සදහන්ව ඇත්තේ පෘතුගිසින් හට අනුරාධපුරය සොයා ගත නොහැකි වූ බවයි.

දෙවනුව හොකාට් අනුරාධපුර කුරුසිය කොට්ටේ කුරුසිය සමඟ සසඳ බලා පසුව තවත් පරීක්ෂණ පවත්වා ඔහු ප්‍රකාශ කලේ මේය පෘතුගීසි කුරුසියක් නොවන බවත් එය ශු.තෝමස් අපෝස්තුළුවයාණන් ගේ කුරුසියක් බවත්ය. එය පෘතුගීසීන් මෙහි එන්නටත් පෙරෙ තුබු එකකි. තවද මේ ශු.තෝමස් අපෝස්තුළුවරයාණන් ගෙන් නිර්මාණය ආරම්භ වූ කුරුස දෙකක් ලක්බිම තිබී හමුවී ඇත. එය ඉතිහාසඥ ක්වරෝස් මෙය සටහන් කොට ඇත. එයනම්

“කොළඹ උපනාගරික පෙදෙසක ශු.තෝමස් මුනිවරයාණන් ගේ ගෞරවය සඳහා කැප කරන ලද කිතුනුවන් ගේ පියතුමා වැඩ සිටි දෙව් මැඳුරක එම ප්‍රභාමත් මුනිවරයාණන් විසින් සියතින් ම කරන ලද කුරුසියක් ආරක්ෂිතව තබා තිබුණි. මෙය ලංකාවේ තිබුණ එවැනි දෙවන කුරුසියයි” (ක්වෙරෝස් 715 වැනි පිටුව) පසුව මෙම කුරුසිය නේස්ටෝරියන් කිතුනු කුරුසියක් බ මත ගොඩනැගුනත්

මෑත දී කරන ලද පර්යේෂණ අනුව මෙම අනුරාධපුර කුරුසිය නෙස්ටෝරියාන කිතුනු  නිකායේ කුරුසියක් නොවන බවත්. එය කතෝලික බැතිමතු ගේ කුරුසියක් බවත් සනාථ වී ඇත. නෙස්ටෝරියන් කුරුස ඉහළින් ශුද්ධාත්ම පරවි ලාංඡනය යොදනු ලැබේ. මෙහි එවැන්නක් නැත. ලාංකාවේ මෙතෙක් හමු වී ඇති පැරැණිතම කිතුනු සලකුණ මෙයයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ආදියේ සිට අපගේ පැවැත්ම සංකේතවත් කොට සිහිපත් කිරීමට එය කොඩියේ යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − six =

Back to top button