කිතුනු

ලාංකික ප්‍රාණපරිත්‍යාගිවරු.

ක්‍රි.ව. 1545 ලක්දිව උතුර දිසාව රජ කළේ දමිළ රජු සංකිළි හු ය. ඔහුගේ රජ කාලයේ දී හෙවත් 1545 දී උතුරු මන්නාරමේ දුපතේ රැදී දහම් දෙසුවේ ගරු ෆ්‍රැන්සිස් සවියෙර් මුනිතුමන්ගේ ගෝළ පියතුමෙකි.

උන්වහන්සේට සවන් දී විශාල පිරිසක් දහම වැළඳගත්හ. මොවුනට එයින් කිසිදු ලෞකික වාසියක්, ප්‍රයෝජනයක් නොවී ය. ඇතිවුයේ රාජ්‍ය උදහසට අසුවීම පමණි. එහෙත් ඔවුන් එය නොසලකා ලෝකෝත්තර මහිමය තකා දහම වැළදගත්තෝ ය.

මෙයින් කෝපයට පත් සංකිළි රජතුමා මොවුන් ප්‍රසාද ස්නාපනය ලැබූ දිනම බැතිමතුන් 600 ක් මරා දැමුවෝ ය. මෙම සිද්ධිය පිළිබදවත්, රජතුමා තුළ තිබු ද්වේශ සහගත බවත් එවකට සිටි පියතුමන් විසින් රෝමයේ සිටි ජේසු නිකායේ පියවරුන් වෙත යැවු ලිපියක සඳහන් කොට තිබේ. එම ලිපිය තවමත් ඔවුන් සතුව ඇත.

මෙලෙසම ඕලන්ද සමයේදී ද කතෝලික ධර්මය රැක ගැනීම සඳහා දිවි පිදූ සැදැහැවත්හු බොහෝ ය. එහෙත් අවාසනාවකට මේ කිසිවකු තවමත් ප්‍රාණපරිත්‍යාගිවර සාන්තුවරයට නිල වශයෙන් පත් කර නැත.

මොවුන් සාන්තුවරයට ඔසවනු සඳහා ක්‍රි.ව. 1925 දි උනන්දුවක් ඇති විය. එ අනුව මන්නරමේ තොට්ටවෙල්ලි ප්‍රදේශයේ මෙම පිරිස වළලන ලදයි සැක කරන ස්ථානය සොයාගෙන එහි ප්‍රාණපරිත්‍යාගිවරුන්ගේ රාජේශ්වරියට කැප කරණ ලද කුඩා දෙව් මැදුරක් ඉදි කර ඇත.

මෙහිදි අවාසනාවකට මෙන් මෙම සාච්ඡා අතර තුර ඇතැමුන් කුල ප්‍රශ්නයක් මතුකර ගත් හෙයින් එවකට යාපනයේ රදගුරු තැන්පත් අති උතුම් ජෝ.ඒ. ගියෝමාර් හිමිපාණෝ එම සාකච්ඡා නිම  කරන ලෙස නිවේදනය කළෝ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 3 =

Back to top button