කිතුනු

ඉතාලියේ ලන්සියානෝ හිදී වු ප්‍රාතිහාරය.

ක්‍රිස්තු වර්ෂ 700 දී ඉතාලියේ ලන්සියනෝ නැමැති ප්‍රදේශයේ ශා.ලෝන්ජිනස් නැමැති තාපසාරාමයක් විය. දිනක සා.බැසිල් නිකායට අයත් පුජක තාපසවරයෙක් දිව්‍ය පුජාව සිදු කරමින් සිටියේය. එහෙත් දිව්‍ය පුජා යාගයේ පූප සහ මිදිරස ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ රුධිරය බවට පත්වීම පිළිබඳ කිසියම් සැකයක් සහ අවිශ්වාසයක් මෙම පියතුමාගේ සිත්හි කලක් පටන් පැවතිණ. එක් දිනක එතුමන් දිව්‍ය පුජාව සිදුකරණ විටත් එම පූප සහ මිදිරස කෙරෙහි සැකය නැවතත් ඇතිවිය.

එහිදි අල්තාරයේ ශුද්ධවු ලේන්සුව මත ඇති පූප සහ වයින් මත ආශිර්වාද කිරීමේ යච්ඤාව උච්චාරණය කර විට හදිසියේම එම පූප මස් වැදැල්ලක් බවටත් වයින් අමු ලේ බවටත් පත් විය. මෙම පුදුම ප්‍රාතිහාර්යය දැකගත් මෙම පියතුමා විශ්මයටත් ත්‍රාසයටත් පත්විය. එහිදි එතුමන් මහත් හයියෙන් තම සංඝය දෙසට හැරී කෑගසන්නට විය.

“අහෝ මාගේ ස්වාමිනි, මාගේ අවිශ්වාසය ඔබ වහන්සේ මා ඉදිරියේ පෙනිසිට දුරුකලා. එන්න සහෝදර සහෝදරියනි. එන්න ඔබම ඇවිත් අපගේ ස්වාමින් වහන්සේව දැක ගන්න”

එවිට එම දිව්‍ය පූජාවට සහභාගිවෙමින් සිටි අයද අල්තාරයට පැමිණ මේ ප්‍රාතිහාර්යය දැක වැද පුදා ගත්තේය. ඉන්පසු මෙම ප්‍රාතිහාර්යය ක්ෂණිකව ප්‍රදේශය පුරා පැතිර ගියේය. මහා ජනකායක් මෙය දැක ගන්නට එක් රොක් විය. පසුව එම ශුද්ධවු වස්තුව රිදියෙන් කල කරඬුවක් තුල තැන්පත් කරන ලදි. 1713 දී වෙන වෙනම කරඬු සාදා මෙම ශුද්ධවු වස්තුන්  ජනතාවට වන්දනාව සඳහා දැක බලා ගැන්මට තැන්පත් කරන ලදි.

මෙහි සුවිශේශි කරුණ වනුයේ  1970 දී මෙම මස් වැදැල්ලක් හා අමු ලේ බවට පත්වු පූපය හා වයින් කිතුනු නොවන විද්‍යාඥයන් , මහාචාර්යවරුන් සහ වෛද්‍යවරුන් පිරිසක් හට පර්යේෂණ කරන්න අවසරය ලබාදීමයි. පසුව ඔවුන් පැවසුවේ එම මස් වැදැල්ල මනුශ්‍ය ශරීරයක හදවතේ කොටසක් බවත් එම ලේ ද මනුශ්‍ය ශරීරයක ලේ බවත්ය තවද එම ලේ වර්ගය AB positive බව එම විද්වතුන් ප්‍රකාෂ කරයි. (සිරි සළුව තුළ දක්නට ඇති ලේ පැල්ලම් වර්ගයද AB positive වේ)

 

අදටත්  ලන්සියානෝ හි අලුතෙන් ඉදිකරන ලද අසිසියේ ප්‍රැන්සිස් තුමාගේ දේවස්ථානයේ මේ  ප්‍රාතිහාර්යය ශුද්ධවු වස්තුන්  සැදැවතුන්ට දැක බලා ගත හැක. ඒ සදහා ලොව සතර දෙසින් ජනතාව ඉතාලියේ ලන්සියානෝ ප්‍රදේශයට එක් රොක් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =