කිතුනු

එදා ගිය තලවිල වන්දනා ගමන

මීට වසර දෙසියයකට පෙර කොළඹ සිට තලවිල ගිය ගමනක විස්තරයක් මෙසේ සඳහන් වී තිබේ.

අද අප තලවිල වන්දනාවේ යන ගමනත් මීට දෙසිය වසරකට පෙර අප ආදිවරයින් ගිය වන්දනා ගමනත් අතර පැහැදිලි වෙනසක් තිබෙන බව නම් නොරහසකි. මෙය සැම අතින් ම එසේ ම ය. ගමන් ගත් වටපිටාව, ගමන් ගිය වාහනය මෙන් ම වන්දනාකරුවන් ගේ ශ්‍රද්ධාව ද අද එදා මෙන් නොවේ. එදා අප ගියේ වන්දනා ගමනකි. අද බොහෝ අයට එය විනෝද චාරිකාවකි. මේ අනුව බලන කල සියල්ලේ වෙනස සක්සුදක් සේ පැහැදිලිය.

මීට පනස් වසරකට පෙර වුවද තලවිල හෝ වෙන යම් දුර වන්දනා ගමනක් වුවද, අප අරම්භ කළේ පළමුව කණ්ඩායමක් වශයෙන් ගමේ දෙව් මැඳුරට ගොස් ඉටිපහන් දල්වා යාච්ඤ කොටය. පෙරළා ගමට පැමිණි විට ද ගමේ දෙව් මැඳුරට ගොස් සුළුවෙන් හෝ ආදිවරයෝ තුති පිදූහ.

මීට වසර දෙසියයකට පෙර කොළඹ සිට තලවිල ගිය ගමනක විස්තරයක් මෙසේ සඳහන් වී තිබේ. කොළඹ පිටකොටුවෙන් ගමන් ආරම්භ කරන මේ පිරිස පළමුවෙන් මීගමුව ඉලක්ක කොටගෙන ගම් නියම්ගම් රැසක් හරහා මීගමුවට පැමිණෙති. දෙපස ගැමි ගෙවල් හා වතුපිටි ද පිහිටියේ ය. මෙසේ කොළඹ දිසාවේ “කඩවත” පැමිණ එහි රේන්ද බදු කුටියට ගොස් බදු ගෙවා ඉන් ඉතා සුළු දුරක පිහිටි “නාගලගම්” ගමට පිවිසෙන්නෝ ය. මෙය නාගලගම් හෙවත් දැන් තොටලඟ ආශ්‍රිත ප්‍රදේශය – මෙම ප්‍රදේශයේ ඉතිහාසය ලංකා ඉතිහාසයෙ ප්‍රාග් යුගය දක්වා විහිදෙන බවටත්, එහි නාග ගොත්‍රිකයෝ විසූ බවටත් විශ්වාසයක් පවතින්නේ ය. විශාල ජනකායක් විසූ ආශ්‍රීක වෙළෙඳ පොළක් වූයේ එය කොළඹ නගරයත් ගැමි පෙදෙසුත් අතර පිහිටි දොර කපොල්ලක් වූ නිසා ය.

මෙ තැනින් කැලණි ගඟ හරහා එතෙර වන්නට සිදුවන්නේ ය. මේ සඳහා එ කල විශාල පාරු සේවාවක් විය. මෙහි අශ්වයින් සිව් දෙනෙකු බඳිනා ලද කරත්තයක් වුවද එකවර ගෙන යෑමේ හැකියාව ඇති පාරුවක් තිබුණ බව සටහන් වේ. (Description of Ceylon – Rev James Cordine, London 1807 Vol:1, p.347) මෙම තොටුපොළ අද “ග්‍රෑන්ඩ්පාස්” හෙවත් තොටළඟ නමින් හැඳින්වේ. මෙ තැනින් වත්තලට එගොඩ වන වන්දනා පිරිස ජා-ඇල දක්වා ගමන් කරන්නේ සරු සාර පෝල් වතු යායක් මැදින් ය. ඒ අතර විශාල ගස් කොළන් අතු පතර ද රැසක් විය. එසේ ම බහුල ජනගහනයක් මෙන් ම උළු සෙවිලි කළ විශාල ගෙවල් රැසක් ද මෙහි ඉදිකැර තිබුණි. තැනින් තැන ගෙවල් වටා සුදු පැහැ ඇති තාප්ප ද විය. එසේ වැඩියක් ම දකින්නට ලැබුණේ ක්‍රීඩා කරමින් දුව පැන සිටි ළමා කණ්ඩායම් ය. ඔවුන් ඒ වතු යායන්හි ලෙළි සෙල්ලමෙහි යෙදී නිදැල්ලේ සතුට වෙමින් සිටි ආකාරය ඉතා සිත් ගන්නා සිලු විය.

ඕලන්දයින් විසින්  ඉදිකරන ලද විශාල තානායමක් ජැඇල පිහිටියේ ය. එය එ කල ආදයම් බදු අයකරුගේ නිල නිවසේ විය. ජා ඇලෙන් එගොඩ වූයේ විශාල පහුරකින් ය. එතැනින් සිටි මීගමුව දක්වා සමතලා මහා මාවතක් දිගේ පහසුවෙන් ගමන් කළ හැකි, ගස් කොළන් පිරුණු පෙදෙස් ය. ජාඇල සිට මහ ඔය දක්වා වූ පෙදෙස් ඉතා සෞන්දර්ය විය.

තවත් කොටසක් ඉදිරියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 6 =

Back to top button