කිතුනු

“වන්දනා ගමනේ මිත්තණිය”

94 වියැති මව පවුල් උදෙසා යදින්නට සැතපුම් 570 ක් පයින් යයි

මෙක්සිකෝවේ වන්දනා ගමනේ මිත්තණිය යන අන්වර්ත නමින් හඳුන්වන එම්ම මොරොසිනි සැතපුම් 570 ක් මග ගෙවාගෙන ගුවාඩලූපේ අප ස්වාමිදු සිද්ධස්ථානය කරා පැමිණියේ පවුල් උදෙසා යදින්නටයි.
එම්ම මොරොසිනි

ඊසාන දිග මෙක්සිකෝවේ මොන්ටෙරිරි ගම්මානයෙන් ගමන් අරඹා දින 40 ක් පුරා සැතපුම් 540 ක් පයින් ගමන් කර ගුවාඩලූපේ අප ස්වාමිදුවට උපහාර පිදුවාය. එම පුදබිමේ යැදීමෙන් පසු ඇය සාන්ත ජුවාම් දියාගෝ මුනිඳුන්ගේ සළුව ඉදිරියේද යාච්ඤා කළාය. මොර්සිනි ඉතාලි සම්භවයකින් පැවත අතර ඉකුත් අවුරුදු 25 පුරා ලොව විවිධ රටවල පවතින සිද්ධස්ථාන වෙත පියනගා ඇත මෙවර ඇය ගුවාඩලූපේ අප ස්වාමිදු සිද්ධස්ථානය වෙත පැමිණ ලෝකයේ පවුල්, තරුණ තරුණියන් සහ ලෝක සාමය උදෙසා යාච්ඤා කළාය.

“වන්දනා ගමනේ මිත්තණිය” මේ වනවිය පෘතුගාලය, ස්පාඤ්ඤය, පෝලන්තය, ඊශ්‍රායෙලය, බ්‍රසීලය සහ අර්ජන්ටිනාව යන රටවල සිද්ධස්ථාන කරා ගොස් තිබේ. වන්දනා ගමනේ නියැලෙන විට සෑම දිනක පෙ.ව. 6.30 වන විට කුඩා සූට්කේසයක් කුඩයක් රැගෙන ආරක්ෂිත කබායක් පැළඳ ඇය ගමන ආරම්භ කරන්නීය. ආහාර සඳහා කිරි, බීම වර්ග, පාන්, සහ වතුර ඇය රැගෙන යන අතර සිය වන්දනා චාරිකාවිදී හමුවන පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන පළතුරු හා එළවළුද පිළිගන්නීය.

ගුවාඩලූපේ අප ස්වාමිදු බැසිලිකාව වෙත ඇය පැමිණේද්දි සෙසු වන්දනා කරුවෝ ප්‍රීති ඝෝෂා කරමින් ඇයට සුබ පැතුහ. දෙව්මැදුරට ඇතුලුවීමට පෙර ඇය බිම දණ ගසා පොළොව සිප ගත්තාය. කුරුසිය ලකුනු සිය නළලත සටහන් කර සුළු මොහොතක් නිහඬව යාච්ඤා කළාය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + eleven =

Back to top button